පාපන්දු ලෝක කුසලානයට සහභාගී වීමට ඉරාන කණ්ඩායම සූදානම්
April 22, 2026 09:57 pm
2026 වසරේ අමෙරිකා, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල් තුනේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සිය ජාතික කණ්ඩායමේ සහභාගීත්වය වෙනුවෙන් පූර්ණ සූදානමකින් පසුවන බව ඉරාන රජය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.
ඉරාන රජයේ ප්‍රකාශිකා ෆාතිමා මොහජරානි එරට රාජ්‍ය විකාශන සේවය වන IRIB වෙත පවසා ඇත්තේ, කණ්ඩායමේ සහභාගීත්වය සඳහා අවශ්‍ය සියලු විධිවිධාන ක්‍රීඩා හා යොවුන් කටයුතු අමාත්‍යාංශය මගින් සහතික කර ඇති බවය.
ජුනි 11 සිට ජූලි 19 දක්වා පැවැත්වීමට නියමිත මෙම ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉරානය සහභාගී වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ෆිෆා සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ ද පසුගිය සතියේ ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, මෙම තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මාර්තු මාසයේදී පවසා තිබුණේ, ඉරාන කණ්ඩායමට තරගාවලිය සඳහා පැමිණීමට අවස්ථාව ඇති නමුත්, ඔවුන්ගේ "ජීවිත සහ ආරක්ෂාව" පිළිබඳ පවතින ගැටලුකාරී තත්ත්වය හමුවේ ඔවුන්ගේ පැමිණීම කොතෙක් දුරට යෝග්‍යද යන්න තමන් ප්‍රශ්න කරන බවය.
